පාසල් ගුරුවරයාට පහර දුන් සිසුන්ට ඇප: කෙසේවෙතත් ඔවුන්ව අද දිනයේ දී පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප කොන්දේසි මත නිදහස් කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කර ඇත්තේ.

MonaraMonara

ඡායාරූප - ww.shutterstock.com

පුත්තලම මුස්ලිම් විද්‍යාලයක ක්‍රීඩා හා විනය භාර ගුරුවරයාට පහරදීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් ඇප මත නිදහස් කර තිබෙනවා.

පෙරේදා දිනයේ දී (23) මෙම පහරදීම සිදු කර ඇති අතර ඊයේ දිනයේ දී සැකකරුවන් ව පොලිස් අත් අඩංගුවට ගැනුණා.

කෙසේවෙතත් ඔවුන්ව අද දිනයේ දී පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප කොන්දේසි මත නිදහස් කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කර ඇත්තේ.

එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇපයක් හා, සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී එළඹෙන ඉරුදින සිට සෑම ඉරු දිනකම පුත්තලම පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසත්, කුමන හේතුවක් මත හෝ පැමිණිලි පාර්ශ්වයට බලපෑම් කිරීම සම්බන්ධව වාර්තා වුවහොත් ඇප අවලංගු කර නඩු කටයුතු අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් අධිකරණය විසින් වාරණ පනවා තිබෙනවා.

මෙම නඩුව ජුනි මස 22 යළි කැඳවනු ඇති.