බදුල්ලට ඇඩ්‍රස් නෑ: නම් දෙන්න අලුත්ම වැඩක්

MonaraMonara

බදුල්ල දිස්ත්‍රික්කයේ මෙතෙක් නම් කර නොමැති සියලු මාර්ග නම් කිරීමට සහ නිවාස සඳහා අංක සහිතව ලිපිනයන් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා ප්‍රකාශ කළේ.

නිසි ලිපිනයක් නොමැතිවීම හේතුවෙන් සම්මුඛ පරික්ෂණ, පත්වීම් ලිපි යනාදී ලිපිලේඛන නොලැබීම නිසා අපහසුතාවයට පත්වූ වැඩි පිරිසක් ඒ සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

එසේම, බදුල්ල ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරයාද පැවසුවේ ලියුම් බෙදන්නන් විසින් ලිපි සහ පාර්සල්වල සටහන් කර එවන ලිපිනවලට ගොස් ඒවායේ හිමිකරුවන් නොමැතිවීම හේතුවෙන් මෙලෙස යළිත් ඒවා තැපැල් කාර්යාලවලට රැගෙන එන බවයි.