රුධිරය කැටි ගැසීම වළක්වන ඇස්ප්‍රීන් භාවිතයෙන් ඉවතට: මෙරට නිෂ්පාදිත රජයේ රෝහල්වල භාවිතයට ගනු ලබන ඇස්ප්‍රීන්

MonaraMonara

මෙරට නිෂ්පාදිත රජයේ රෝහල්වල භාවිතය සදහා බෙදා හරිනු ලබන ඇස්ප්‍රීන් කාණ්ඩයේ ඖෂධ භාවිතයෙන් ඉවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙලෙස මෙම ඖෂධය භාවිතයෙන් ඉවත් කර ඇත්තේ ඇස්ප්‍රීන් පෙතිවල ඇස්ප්‍රීන් නැමති එහි ප්‍රධාන සංඝටකය තුළ ඇසිටයිල් සැලිසිලික් අම්ලය නොමැති බවට තහවුරු වීම හේතුවෙන්.

හෘදයේ රුධිර වාහිනීවල රුධිර කැටිගැසීම වැළැක්වීම සදහා ඇස්ප්‍රීන් අත්‍යවශ්‍ය ඖෂධයක් ලෙස වෛද්‍යවරුන් විසින් රෝගීන්ට ලබා දෙනවා.