මහාචාර්ය කරූට ඔස්ට්‍රේලියාවේ ඉහළම ත්‍යාගයක්: වසර 04 ක පර්යේෂණයක ප්‍රතිඵලයක්

MonaraMonara

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව සඳහා කැපී පෙනෙන අයුරින් විද්‍යාව යොදා ගැනීම වෙනුවෙන් හිමිවන 2023 වසරේ යුරේකා ත්‍යාගය හිමිකර ගැනීමට මහාචාර්ය කරූ එස්සැල්ල මහතා සමත්ව තිබෙනවා.

ඒ, ඔහු ඇතුළු කණ්ඩායම විසින් කරන ලද නිර්මාණයකටයි.

සතුරන් සමඟ සටන් වදින විට ඔස්ට්‍රේලියානු හමුදාවට වාසියක් ලබා ගැනීම සඳහා උපකාරී වන අඩු අවධානයක් යොමු වන සහ අවම බලශක්තියක් වැය කරමින් ඇන්ටනා හැසිරවිය හැකි පද්ධතියක් නිර්මාණය කිරීමට සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සහ මැකෝරි විශ්ව විද්‍යාලයේ මෙටාස්ටියරර්ස් කණ්ඩායම සමත් වී ඇති අතර, එම කණ්ඩායමට නායකත්වය ලබාදී ඇත්තේ මහාචාර්ය කරූ එස්සැල්ල මහතායි.

මෙම අද්විතීය පද්ධතිය සහිත ඇන්ටනාවකට සතුරන්ගේ අවධානයට හසු නොවෙමින් විශාල දත්ත පරිමාවක් සම්ප්‍රේෂණය කිරීමට හෝ සැක සහිත රේඩියෝ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට හැකියාව පවතිනවා.

මෙම සම්මානනීය පර්යේෂණය වසර 04 ක් පුරා සිදු කර ඇති අතර, ඔස්ට්‍රේලියානු කෞතුකාගාරය පිරිනමනු ලබන මෙම යුරේකා ත්‍යාග එරට විද්‍යාව වෙනුවෙන් පිරිනමනු ලබන ඉහළම ත්‍යාගයද වනවා.