ජයිකා ජල ව්‍යාපෘතියෙන් උණුසුම් වූ අනුරාධපුරය: අක්කා පෙන්නලා නංගී දුන්නා - ගම්වාසීන්ගෙන්‌ චෝදනා - පස්දෙනෙක් ජනපති ගාවට

MonaraMonara

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) ජන සතු කෙරුණා.

ග්‍රාමීය ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම අරමුණු කර ගනිමින් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හෙවත් 'ජයිකා' මූල්‍ය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇති.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ආරාධනය පරිදි පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජයිකා (JICA) ආයතනයේ සභාපති ආචාර්ය ටනකා අකිහිතෝ ගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය පළමු අදියර ජන සතු කෙරුණා.

මේ අතර එම උත්සවය පැවති මහාකනදරාවැව ජල පවිත්‍රාගාරයේ ඉදිරිපිට ප්‍රදේශවාසීන් විරෝධතාවක් පැවැත්වූ අතර ඒ සඳහා ගම්වාසීන් රැසක් එක්ව සිටියා.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හරහා සිය ප්‍රදේශය තුළ ජල හිඟයක් ඇති වනු ඇති බවට සඳහන් කරමින් ඔවුන් මෙම විරෝධතාවේ නිරත වුණා.

එහිදී උණුසුම් තත්ත්වයක්ද ඇති වු අතර එය පාලනය කිරීම සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලටද මැදිහත් වීමට සිදුවු බවයි අප වාර්තාරු සඳහන් කළේ.

ඒ අනුව විරෝධතාවේ නිරතව සිටි ගම්වාසීන් පස්දෙනෙකුට ජනාධිපතිවරයා මුණගැසී මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව සළසා දීමට පොලිසිය පියවර ගෙන තිබුණා.

විරෝධතාකරුවන් සඳහන් කළේ මෙම ගැටළුව සම්බන්ධයෙන් රජය මීට පෙර පැවසූවේ වෙන දෙයක් බවත්, මේ වනවිට සිදුකර ඇත්තේ වෙන දෙයක් බවත්..

"ගොවි පවුල් 5400ක් නඩත්තු වෙනවා මේකෙන්.. මේ වැඩෙන් වෙන්නේ තියන වතුර ටිකත් නැතිවෙන එක.. හැමෝම අසරණ වෙනවා.. අපිට මේවා ඕන නෑ.. අපිට කතා කරන්න ඉඩ දෙන්න.. අක්කා පෙන්නලා නංගී දුන්නා වගේ වැඩක් මේක.."

MonaraMonara

MonaraMonara