රජයේ රෝහලකින් තවත් අකල් මරණයක්: උණ රෝගියෙකු කැනියුලාවකින් විෂබීජ ආසාදනය මියගොස් ඇත්දැයි සැකයක්
පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහයකවරයෙකු කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
උණ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහු රෝහලට ඇතුළත්ව සිටි බව සඳහන්.
ඊයේ මෙම පුද්ගලයා මියගොස් ඇති අතර, ඔහුට සවිකළ කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයකින් මියගොස් ඇති බවටයි සැක කෙරෙන්නේ.
උණ වැළඳී ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට ඔහු මීට සති දෙකකට පමණ පෙර ඇතුළත් කර ඇති අතර, එහිදී සවිකළ කැනියුලාව ආසාදනය වී විෂබීජ ශරීරගත වී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ඔහු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, හෘද රෝගියෙකුද වන මෙම පුද්ගලයා වෙනත් රෝහලකට මාරු කර යැවීමට උත්සාහ කර තිබෙනවා.
කෙසේ වෙතත්, එහිදී ඔහු මියගොස් ඇති අතර කැනියුලාවෙන් සිදුවූ විෂබීජ ආසාදනයක් මරණයට හේතු වන්නට ඇතැයි වෛද්‍යවරුන් සැක පළ කරනවා.