ප්‍රවීණ සංගීතවේදී ආනන්ද ගමගේ අභාවප්‍රාප්ත වෙයි: 'තාර පාර දිග පාට පාට කඩ' ඇතුළු ප්‍රකට ගීත රැසක තනු නිර්මාණ ශිල්පියා ඔහුයි

MonaraMonara

ඡායාරූප : Dayan Witharana

ප්‍රවීණ සංගීතවේදී ආනන්ද ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ජනප්‍රිය ගී රැසක් මෙරටට තිළිණ කළ එතුමා අද දින (01) අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වූයේ.

වයලීන වාදනයේ ප්‍රවීණයෙකු වූ ඔහු පසුකාලීනව විශාල ගීත ප්‍රමාණයක් සඳහා වාදකයෙකු ලෙස සිය දායකත්වය ලබාදෙනු ලැබුවා.

ශ්‍රී ලංකා ගුවන්විදුලියේ 'නැවුම් මිහිර' නැමැති වැඩසටහන සඳහා කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් විසින් රචිත ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් සංගීතවත් කරන ලද,

'ඔබේ සිහින කුමුදු විලට සුව දෙන ගීය ගායනා කරමින් ඔහු ගීත ගායනය සඳහා ද අවතීර්ණ වූවා.

ඔහු තැනූ ගී තනු අතරින් වඩාත් ජනාදරයට පත් වූයේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් රචනා කොට නැසීගිය විශාරද මාලනී බුලත්සිංහලයන් ගැයූ 'තාර පාර දිග පාට පාට කඩ' නම් ගීතයයි.

ඉන් අනතුරුව ටෙලිනාට්‍ය හා චිත්‍රපට රැසක සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු කළ සේවය වඩාත් කැපී පෙනේ.

ඒ අතර පුන්සිරි සොයිසා ගැයූ ප්‍රේමකීර්ති ද අල්විසුන් ලියූ 'එකම මගක පියවර මැන යන්නයි', සමන් ප්‍රියදර්ශන ලියා ආචාර්ය නන්දා මාලනියන් ගැයූ 'ගෙඩි සියයක් බිම හෙලුවත්', සුදත් දේවප්‍රියගේ 'අඹ යහලුවෝ' ටෙලිනාට්‍යයේ එන බන්දුල නානායක්කාරවසම් ලියූ විශාරද එඩ්වඩ් ජයකොඩි සහ ටිලානි අමරසිංහ ගයන 'කටු අකුලේ' සහ විශාරද දීපිකා ප්‍රියදර්ශනී සමග ලෙලුම් රත්නායක ගැයූ 'පාන තියා බුදු සාදුට', සුනිල් ආර්. ගමගේ ලියා විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන ගැයූ 'වියෝවි මිහිමඬල ඉකි බිඳී', රූකාන්ත ගුණතිලක සහ ප්‍රියා සූරියසේන ගැයූ ආචාර්ය අජන්තා රණසිංහයන් ලියූ 'අපේ ඒ නරණා' වැනි නිර්මාණ දැක්විය හැකියි.

MonaraMonara