බන්ධනාගාරයේ CCTV කැඩූ රැඳවියා ගැන විමර්ශනයක්: රැඳවියා පාලනය නොකළ නිලධාරීන් පස් දෙනෙකු ගැන ද විමර්ශන

MonaraMonara

ගාල්ල, බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු විසින් සී.සී.ටී.වී කැමරා 23ක් කඩා දමා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරනවා.

මෙලෙස බන්ධනාගාරයේ විශේෂ අංශයේ අංක 1 වාට්ටුවේ සවිකර තිබු සී.සී.ටී.වී කැමරා කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි උපුල්දෙණිය මහතා පැවසුවේ.

අඟු‍ණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට බුස්ස බන්ධනාගාරය වෙත පසුගිය දා මාරු කර එවන ලද රැඳවියෙකුට මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

අදාළ රැඳවියා ව්‍යායාම් කිරීම සඳහා පිටතට ගැනීමට දොරටු විවෘත කළ අවස්ථාවේ සිර මැදිරියේ තාප්පයට නැග, පැති වහලේ සවිකර ඇති ආරක්ෂිත කම්බි අතරින් රිංගා තිබෙනවා.

පසුව අංක 4 සිට 34 දක්වා පැති බිත්තිවල සවිකර තිබු සි.සී.ටි.වී. කැමරා 23ක් කඩා බිඳ ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේවෙතත් මෙම රැඳවියාගේ ක්‍රියා කලාපය පාලනය කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් බූස්ස බන්ධනාගාර නිලධාරීන් පස්දෙනෙකු සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ.