පුත්තලමේ මියයන කපුටන් ගැන පරීක්ෂණයක් (වීඩියෝ): මියගොස් ඇති කපුටන්ගේ ශරීර කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමුකර වාර්තාවක් ලබා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

MonaraMonara

Photo - CBC

Colombo (Monara) June 08 – කපුටන් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම පශූ වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

ඒ අනුව මියගොස් ඇති කපුටන්ගේ ශරීර කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමුකර වාර්තාවක් ලබා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

පුත්තලම නගරයේ වාන පාර වැව ආසන්න ප්‍රදේශයේ කපුටන් රැසක් මියගොස් තිබුණා.