ඉන්දියානු සබ්මැරීනයක් අද දිවයිනට: ඉන්දීය නාවික හමුදාවට අයත් නවීන සබ්මැරීනයක් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
Colombo (Monara) June 19 |ඉන්දීය නාවික හමුදාවට අයත් නවීන සබ්මැරීනයක් අද (19) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, වජීර් නමැති යානයක් මෙරට සේන්දුවීමට නියමිත බවයි.
නව වන ජාත්‍යන්තර යෝගා සැමැරුමට සමගාමීව මෙම යානය පැමිණෙන බව සඳහන්.
වජීර් සබ්මැරීනය ලබන 22 වනදා දා දක්වා මෙරට රැඳිසිටිනු ඇති.
වජීර් සබ්මැරීනය දිගින් මීටර් 67.5 කින් ද, පළලින් මීටර් 6.22 කින් ද සහ උසින් මීටර් 12.3 කින් ද යුත්ක වනවා.
මෙය ඩීසල් සහ විදුලියෙන් ක්‍රියාත්මක විමත් විශේෂත්වයක්.
අදාළ යානය නැරඹීමේ අවස්ථාව පාසල් සිසුන්ට ලබා දීමට තීරණය කර ඇති බව ද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළා.
මේ අතර පාකිස්ථානු නාවික හමුදාවට අයත් 'තිප්පු සුලාන්තාන්' නෞකාව ද ඊයේ කොළඹ වරායට සේන්දු වුණා.