නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථානයක් වටලයි: කළමනාකරු පලා ගිහින්

MonaraMonara

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හෝ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයේ කිසිදු ලියාපදිංචියක් නොමැතිව නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගොස් ඇති සම්බාහන මධ්‍යස්ථානයක් පේරාදෙණි පොලීසිය වටලා තිබෙනවා.

එහිදී එම සම්බාහන මධ්‍යස්ථානයේ සිට ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැක කරන වයස අවුරුදු 25, 28 සහ 30 වයසේ කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

එහි කළමනාකරු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කොට ඇති බවයි පොලීසිය පවසන්නේ.

එම වැටලීම සිදුකරන අවස්ථාවේදී සරසවි සිසුන් කිහිප දෙනෙකුද එහි සිට ඇති අතර ඔවුන් එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.