ස්වයං දේවාල ක්‍රමයක් ගැන අදහසක්: දේව කන්නලව් කරන්න දෙවියන් කපුවන් අවශ්‍ය නැහැ

MonaraMonara

මහා දේවාල පාලනය නිසි අයුරින් සිදු කිරීමට නම් ස්වයං දේවාල ක්‍රමයක් බිහිවිය යුතු බව ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියකු වූ සුනිල් කන්නන්ගර මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, සිය ට්විටර් ගිණුමෙහි සටහනක් එක් කරමින්.

කතරගම දේවාලයට වාහනයකින් ගමන් කළ හැකි පාරක් නිර්මාණය කිරීමට පෙර බොහෝ පිරිස් වන්දනා කිරීම සඳහා පැමිණ ඇත්තේ, පා ගමනින්.

එම දේවාලයට පිවිසීම සඳහා නිසි මාර්ගයක් සකස් කර ඇත්තේ, 1945 වසරේ දීයි.

අතීතයේ ජනතාව පඬුරු ලෙස තඹ කාසියක් හෝ රිදී කාසියක් බවයි ඔහු කියා සිටියේ.

එමෙන් ම පූජා වට්ටියට ඇතුළත් වෙන්නේ පඬුරු, බුලත් සහ රසකැවිලි පමණක් බව ‍සුනිල් කන්නන්ගර මහතා පෙන්වා දෙනවා.

ව්‍යාපාරිකයන් දේවාල ආශ්‍රිත ප්‍රදේශයට පැමිණීමෙන් පසුව පූජා වට්ටි සම්ප්‍රදායක් ඇරඹී ඇති බව සඳහන්.

මුල් කාලයේ පටන් පූජා වට්ටිය පඬුරක් ගැටගසනවා යනු තඹ කාසියක් හෝ රිදී කාසියක් තැබීම වුවද වර්තමානය වනවිට එකී පඬුරට අමතරව මුදල් නෝට්ටු තැබීමද සිදුකරනුයේ දෙවියන් සතුටු කිරීමට වඩා කපු මහත්වරුන් සතුටු කිරීමටයි.

එහි දී රුපියල් 2000, 5000 නෝට්ටුවලින් සහ නෝට්ටු මල්මාලා දැමීමෙන් තම බලාපොරොත්තුවට අදාළ දේව කන්නලව්ව වඩා හොඳින් සිදු කරගත හැකි බව බැතිමතුන් විශ්වාස කරනවා.

කෙසේ වෙතත් ගම්පහ, මිනුවන්ගොඩ, වෑගොව්ව, ගලේ දේවාල ස්වයං ක්‍රමවේදයක් යටතේ පාලනය වන බවයි, සුනිල් කන්නන්ගර මහතා පෙන්වා දෙන්නේ.

ඒවා ගමේ සමිතියකින් පාලනය වන බව සඳහන්.

මෙම දේවාලවල කපු මහත්වරුන් නොසිටින බවත්, බැතිමතුන් පූජාව රැගෙන පැමිණ පසු, පූජා කිරීමේදී කරන යාතිකාව ලොකු අකුරින් මුද්‍රණය එල්ලා ඇති බවත් ඔහු කියා සිටියා.

මුදල් ඇතුළු වටිනා දේ පූජා කරන්නේ නම් දේවාල කාර්යාලයට භාර දිය යුතුයි.