සෞඛ්‍යයේ අර්බුද විසඳා ගන්න පක්ෂ - විපක්ෂ මන්ත්‍රීවරුන් අතර එකඟතාවක්: චන්න ඇතුළු පිරිස වෛද්‍ය සංගමය හමුවෙයි 

MonaraMonara

පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රට තුළ පවතින සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කිරීමට එකඟතාවකට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

මන්ත්‍රීවරයා කියා සිටියේ රටේ පවතින සෞඛ්‍ය ගැටලු පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සමග සිය මන්ත්‍රී කණ්ඩායම ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

එහිදී එකඟතා රැසකට පැමිණීමට හැකි වූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.