චීනයේ සහාය අලි සබ්‍රි යළි යළිත් පසසයි: චීනය යනු ශ්‍රී ලංකාවේ කවදත් ශ්‍රේෂ්ඨ මිත්‍රයෙකු බවත්, රටේ සංවර්ධනයට චීනයෙන් විශාල සහායක් හිමිවන බවට තමන් යළිත් තහවුරු කරන බවයි.

MonaraMonara

විදේශ අමාත්‍ය අලි සබ්‍රි හා චීන විදේශ අමාත්‍යවරයා අතර සිදු වූ නිල හමුව ඡායාරූපය සහ මූලාශ්‍රය - https://twitter.com/alisabrypc

Colombo (Monara) June 25 - මෙරට විදේශ අමාත්‍ය අලි සබ්‍රි සහ චීන සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍ය Qin Gang අතර ද්විපාර්ශ්වික හමුවක් සිදුව තිබෙනවා.

මේ දිනවල චීනයේ රාජ්‍ය තාන්ත්‍රික නිල සංචාරයක නිරත ව සිටින අලි සබ්‍රි මහතා සිය නිල ට්විටර් ගිණුමෙහි මෙම දේශපාලනික හමුවීම ගැන සටහනක් තබා කියා ඇත්තේ, චීනය සමග ඇති රාජ්‍ය තාන්ත්‍රික හවුල්කාරීත්වය යළි යළිත් වර්ධනය කරගැනීමට හැකි වූ බවයි.

චීනය යනු ශ්‍රී ලංකාවේ කවදත් ශ්‍රේෂ්ඨ මිත්‍රයෙකු බවත්, රටේ සංවර්ධනයට චීනයෙන් විශාල සහායක් හිමිවන බවට තමන් යළිත් තහවුරු කරන බවයි.

චීන රජය විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය ලබාදෙන පරාර්ථකාමී අරමුදල් බෙහෙවින් වැදගත් කාර්‍යයභාරයක් ඉටු කරන බව ද විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සිය නිල ට්විටර් ගිණුමෙහි සටහන් කර තිබෙනවා.

එමෙන්ම තමන් චීන ව්‍යවසායකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජනයට නැවතත් ආරාධනා කිරීමට කටයුතු කළ බව ද විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි වැඩිදුරටත් පවසනවා.

මෙම හමුවීම චීනයේ බීජිං නුවර දී සිදු කෙරුණා.