අලි සබ්‍රි අමෙරිකාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හමුවෙයි: ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ සාකච්ඡා

MonaraMonara

ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අතර හමුවක් අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරදී සිදුව තිබෙනවා.

ඒ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීවයි.

මෙහිදී වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පවසා ඇත්තේ එක්සත් ජනපදය ශක්තිමත් සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට සහාය දක්වන බවයි.

එසේම, එහිදී එක්සත් ජනපදයේ ආර්ථික ආධාර, මානව හිමිකම් සහ නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා වන දෙපාර්ශ්වයේ හවුල් දැක්ම සාකච්ඡා කෙරුණු බවයි පණිවුඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ.