නැවතත් ශම්මි ඇතුළට අර්ජුන එළියට: සති දෙකකට කමිටුව අත්හිටුවයි
අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව අර්ජුන රණතුංග මහතාගේ සභාපතීත්වයෙන් පිහිටවන ලද ක්රිකට් අතුරු පාලක කමිටුව සති දෙකකට අත්හිට වනු ලැබුවා.
ඒ අනුව අද (07) පෙරවරු 9:30ට පමණ ක්රිකට් පාලක මණ්ඩලය වෙත පැමිණි අර්ජුන රණතුංග මහතා හට පෙරවරු 11.30ට පමණ ක්රිකට් ආයතනයෙන් යළි පිටත්ව යාමට සිදුවුණා.
පසුව අද දහවල් ශමිමි ද සිල්වා මහතා යළි ක්රිකට් ආයතනය වෙත පැමිණියා.