සීතාවක රාජධානියේ වටිනාකම් ගවේෂණයට ජනපතිගෙන් උපදෙස්: ‌ඓතිහාසිකත්වය පිළිඹිඹු කෙරෙන කෞතුකාගාරයක්

MonaraMonara

Images - Google

සීතාවක රාජධානියේ ඓතිහාසිකත්වය ඉස්මතු කරමින් එහි පුරාවිද්‍යාත්මක වටිනාකම් ගවේෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තමා උපදෙස් දි ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.‍

ඒ අනුව සීතාවක ඓතිහාසිකත්වය පිළිඹිඹු කෙරෙන කෞතුකාගාරයක් ඉදිකිරීමට ද කටයුතු යොදා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ පැවති “සීතාවක - සිසු අරුණළු” වැඩසටහනට අද එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.