කතරගම පාද යාත්‍රාවේ ගිය කාන්තාවක්, වනඅලි පහර දීමකින් මරුට: රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන පාද යාත්‍රාවේ යමින් සිටි කාන්තාවක්, වන අලියෙකුගේ පහර දීමකින් මියගොස් තිබෙනවා.

MonaraMonara

කතරගම පාද යාත්‍රාවේ ගිය කාන්තාවක්, වනඅලියෙකුගේ පහර දීමකින් මරුට

Colombo (Monara) June 14 – රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන පාද යාත්‍රාවේ යමින් සිටි කාන්තාවක් වනඅලියෙකුගේ පහර දීමකින් මියගොස් තිබෙනවා.

ඇය එම වන අලියාගේ පහර කෑමට ලක්ව තිබුණේ ඊයේ පස්වරුවේ කතරගම, යාල වනෝද්‍යානයේ, ලිං තුන ප්‍රදේශයේදීයි.

අනතුරින් මියගොස් ඇත්තේ 63 හැවිරිදි ඊච්චලම්පත්තුව, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.

ඇයගේ සිරුර මේ වනවිට දෙබරවැව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.