කුලියාපිටියේ විදුහලකට බඹර ප්‍රහාරයක්: ළමයින් ඇතුළු 20 ක් රෝහලේ
කුලියාපිටිය - ඉඟුරුවත්ත විද්‍යාලයේ පාසල් සිසුන්, දෙමව්පියන් ඇතුළු 20 දෙනෙකු බඹර ප්‍රහාරයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.
පාසලට යාබද නිවසක සියඹලා ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම හේතුවෙන් මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
උකුස්සෙකු බඹර කූඩුවේ ගැටීමත් මෙලෙස බඹරුන් ඇවිස්සී ඇති බව සඳහන්.
කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ රථ කිහිපයක් සහ 1990 ගිලන් රථ පැමිණ බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් සහ දෙමව්පියන් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.
අනතුරුව පැමිණි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවකයින් එම ස්ථානය ධූමායනය කරනු ලැබුවා.