වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්: මියගිය කාන්තාවගේ ඥාතීන් චෝදනා කරන්නේ පහරදීමක් හේතුවෙන් අදාළ කාන්තාව මියගොස් ඇති බවයි.

MonaraMonara

වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවා.

ඒ, චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියකගේ නිවසේ සිදු වූ රත්‍රං කොල්ලයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම නිවසේ මෙහෙකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධිය‍ක් සම්බන්ධයෙනුයි.

සිද්ධියට අදාළව මේ වන විට උප පොලිස් පරීක්ෂකවරයකු පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරයකු වැඩ තහනමට ලක් කළ අතර තවත් කොස්තාපල්වරයකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

මියගිය කාන්තාවගේ ඥාතීන් චෝදනා කරන්නේ පහරදීමක් හේතුවෙන් අදාළ කාන්තාව මියගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.