රඹුක්කන විහාරස්ථානයක ශිෂ්‍ය භික්ෂුවක් උණ්ඩ සමග අල්ලයි: විහාරයේම තවත් හිමිනමක් ගංජා සමග මාට්ටු

MonaraMonara

රඹුක්කන ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩවසන භික්ෂුවක් ටී-56 මැගසින් දෙකක් සහ උණ්ඩ 161 ක් සමඟ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකපිට අත්අඩංගුවට ගත් මෙම හිමිනම හොරණ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ ‌තෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුවක් බවයි වාර්තා වන්නේ.

සැකකාර ශිෂ්‍ය භික්ෂුව වැඩ වාසය කරන විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් කරන ලද දැනුම් දැනුම්දීමක් අනුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් මැගසින් දෙක සහ ජීව උණ්ඩ සමග මෙම භික්ෂුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව ගංජා ග්‍රෑම් 850 ක් ළඟ තබාගෙන සිටි බව කියමින් එම විහාරස්ථානයේ වැඩ වාසය කරන තවත් භික්ෂුවක්ද සැකපිට අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලීසිය කියා සිටියා.