ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොගයක් සිල්ලර වෙළඳසැලේ: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියකට ලද තොරතුරකට අනුව මාතර - වල්ගම ප්‍රදේශයේ වෙළෙඳසැළක් පරීක්ෂා කිරීමේදී අලෙවියට තබා තිබූ ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොගයක් සොයාගෙන තිබෙනවා.

MonaraMonara

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියකට ලද තොරතුරකට අනුව මාතර - වල්ගම ප්‍රදේශයේ වෙළෙඳසැළක් පරීක්ෂා කිරීමේදී අලෙවියට තබා තිබූ ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොගයක් සොයාගෙන තිබෙනවා.

මාතර - වල්ගම ප්‍රදේශයේ බේකරියකට නිකුත් කළ මෙම බිත්තර තොගය අදාළ ‌බේකරි හිමියා විසින් සිය සහෝදරයාගේ වෙළෙඳසැළට ලබාදී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් ආනයනය කරනු ලබන ඉන්දීය බිත්තර සාමාන්‍ය පරිභෝජනය සඳහා අලෙවියට මෙතෙක් අවසර ලබාදී නැහැ.

කෙසේ වෙතත්, අදාළ බේකරි හිමියාට මින් ඉදිරියට ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර නිකුත් නොකරන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ.