දීපවාලියට විශේෂ බස් සේවාවක්: යාපනය, හැටන් - නුවරඑළිය ආවරණය කෙරේ

MonaraMonara

හෙට දිනයට යෙදී ඇති දීපවාලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

පිටකොටුවේ සිට නුවරඑළිය, හැටන්, යාපනය, කිලිනොච්චිය, මඩකලපුව ඇතුළු ප්‍රදේශ වෙත මෙම විශේෂ බස් සේවා යොදවනු ඇති.

දීපවාලි උත්සවය වෙනුවෙන් මේ වනවිටත් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල වෙසෙන දෙමළ ජනතාව නිවාඩු ලබා සිය ගම්බිම් වෙත යමින් සිටිනවා.