වසරකට සිනමා ශාලා හයක් වැසෙන බවට අනාවරණයක්: විදේශ චිත්‍රපට ආනයන ගාස්තු සංශෝධනයට !

MonaraMonara

ඡායාරූප - ජාතික චිත්‍රපට සංස්ථාව

වසරකට සිනමා ශාලා 5 ක් හෝ 6 ක් පමණ වැසෙන බව ජාතික චිත්‍රපට සංස්ථාව පවසනවා.

ඔවුන් මේ බව ප්‍රකාශ ඇත්තේ, මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික කාරක සභාව පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කාරක සභාවේදීයි.

චිත්‍රපට සංස්ථා පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙහි දී සංස්ථා නිලධාරීන් හා කාරක සභා සාමාජිකයන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව සඳහන්.

එමෙන් ම විදේශ චිත්‍රපට ගෙන්වීමට ලියාපදිංචි වන මුදල හා එක් චිත්‍රපටයක් වෙනුවෙන් සංස්ථාව අයකර ගන්නා මුදල ද සංශෝධනය විය යුතු බවට ද මෙහි දී යෝජනා වී තිබෙනවා.

මීට අමතරව නෙට්ෆිලික්ස් වැනි වේදිකාවක් ජනප්‍රියවීම තුළ ඒවාට මුහුණදීමට සංස්ථාවට පවතින සැලසුම් පිළිබඳව ද එහිදී කමිටුවේ අවධානය යොමු වී ඇති බව සඳහන්.