වසංගත තත්ත්වයකට අදාළව නිවේදන නිකුත් කරන්නන්ට රතු එළියක්: සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
කොවිඩ් රෝගය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීම සඳහා මේ වන විට රෝහල් මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රමය පිළිබඳ සෑහීමකට පත් නොවන බව
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.
එහි සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ මේ වනවිටත්, රෝහල්වලට පැමිණෙන කොවිඩ් රෝග ලක්ෂණ සහිත හෝ වෛද්‍යවරුන් විසින් කොවිඩ් රෝගීන් යැයි අනුමාන කරන රෝගීන් සඳහා පරීක්ෂණ සිදුකිරීමේ පහසුකමක් සහ පරීක්ෂණ ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදයක් නිශ්චිතව ක්‍රියාත්මක නොවන බවයි.
කොවිඩ් පමණක් නොව ඕනෑම රෝගයකදී අනුමාන කරන රෝගයට අදාළ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකිරීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, කොවිඩ් සඳහා පමණක් එය එලෙස ක්‍රියා නොකරන්නේ කුමන හේතුවක් පදනම් කරගෙනද යන්න තවදුරටත් පැහැදිලි විය යුතු බව ඒ මහතා අවධාරණය කළා.
"කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව, වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් නියැදි පරීක්ෂාවක් සිදු කරන ලද බව සඳහන් වන නමුත් එමගින් ලබා ගත් නිගමනය පමණක් රටට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නැහැ.. එම නියැදි පරීක්ෂාව සඳහා නිදර්ශක එකතුකර ගත් අකාරය ඇතුළු එම පර්යේෂණයේ ප්‍රතිඵලවලට අදාල පූර්ණ වාර්ථාවක් හෙලිදරව් කරන ලෙස අප සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිමු..
එසේම, ඉතා කෙටිකලක් තුල කල් ඉකුත් වී ඉවත දැමීමට සිදුවන ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල පැවතියදී පවා රෝහල් මට්ටමෙන් හමුවන සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීම මගහරිමින්, කිසිවෙකුත් නොදන්නා නියැදි පරීක්ෂාවකින් අවසන් නිගමනයකට ඒම අනවශ්‍ය ගැටළු රැසකට හේතු විය හැකි බව, අප පෙන්වා දෙන්නෙමු..
තවද, මහජනතාවට අතිශයින් වැදගත් විශාල වසංගත තත්ත්වයකට අදාළව නිවේදන නිකුත් කිරීමේදී, එම තොරතුරුවල වගකීම තාක්ෂණිකව භාරගත හැකි නිලධාරියකුගේ අත්සන සහිතව එම ලිපි නිකුත් කිරීමට කටයුතු කරන ලෙසද අප ඉල්ලා සිටිනවා.."
මේ අතර දැනට ලැබෙන දත්ත අනුව කොවිඩ් 19 වෛරසයේ උප ප්‍රභේදයක් වන JN -1 හේතුවෙන්, මෙරට තුළ වසංගත තත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බවයි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.