මැණික් ගරන්න කෙසෙල්ගමු ඔය පුළුල් කරන්න ව්‍යාපෘතියක්: බගවන්තලාවේ ජනතාවගෙන් ඇමති ජීවන් තොන්ඩමන්ට චෝදනාවක්
බගවන්තලාව - කෙසෙල්ගමු ඔය පුළුල් කිරීමේ ව්‍යාපෘතියට අදාළව ටින්සින් පාලමේ සිට කෙසෙල්ගමු ඔයේ ගඟ ඉහළට මීටර් 500 ක් දක්වා බිම් කොටසක මතුවිය හැකි මැණික් ඉල්ලම් ඉවත් කර ගැනීම සඳහා වෙන්දේසියක් කැඳවා තිබෙනවා.
ඒ, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින්.
ඒ අනුව අදාළ වෙන්දේසිය හෙට දිනයේදී බගවන්තලාව ශ්‍රී කදිරේෂන් ශාලාවේදීයි.
නොර්වුඩ් ප්‍රාදේශීය සභාව විසින් ගංවතුර පාලන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නංවනු ලබන ටින්සින් පාලමේ සිට කිලානි පාලම දක්වා කෙසෙල්ගමු ඔය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අදාළ කැණීම්වලට සමගාමීව මතුවිය හැකි මැණික් ඉල්ලම් කඩිනමින් ඉවත් කර ගැනීම සඳහායී මෙම වෙන්දේසිය කැඳවා ඇත්තේ.
කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම වෙන්දේසිය ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් කෙසෙල්ගමු ඔය පුළුල් කරන බව පවසමින් මැණික් ගැරීමේ කටයුතු සිදුකරගෙන යෑමේ උත්සාහයක් බවටයි.
ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 14ක් වැය කරමින් "බගවන්තලාව ගිලානි පාලමේ සිට ටියැන්සින් පාලම දක්වා කෙසෙල්ගමු ඔය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය" නමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත්, කෙසෙල්ගමු ඔය පුළුල් කරන ලෙස මෙතෙක් ඉල්ලීමක් සිදුකර නොමැති බවයි බගවන්තලාවේ ජනතාව පවසන්නේ.
බගවන්තලාවේ සුප්‍රසිද්ධ පාසලක් ගංවතුරට යට වන බව පවසමින් මෙම ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, බගවන්තලාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකට වර්ෂා කාලයට ගංවතුර ගලා යන බව සත්‍යයක් වුවත් ශ්‍රී ලංකා කම්කරු කොංග්රස් දේශපාලකයකු විසින් බගවන්තලාවේදී ඔය හරස් කර ඉදිකරන ලද ගොඩනැගිල්ල නිසා ගංවතුර ඇති වී ඇති බවටයි ජනතාව චෝදනා කරන්නේ.
මේ අතර, බගවන්තලාව ප්‍රදේශයේ අතීතයේ සිදු කරන ලද මැණික් ගල් කැණීම් හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශය දැවැන්ත පාරිසරික හානියකට මේ වනවිට මුහුණ පා සිටිනවා.
බගවන්තලාව ප්‍රදේශයේ ජනතාවට මෙම මැණික් ගල් කැණීම්වලින් මෙතෙක් කිසිදු ප්‍රතිලාභයක් අත්ව නොමැති බවයි ජනතාව තවදුරටත් කියා සිටියේ.
එසේම, බගවන්තලාවේ පසුගිය සමයේ සිදුකරන ලද මැණික් ව්‍යාපෘති රැසක් හේතුවෙන් මේ වනවිට දැඩි පාරිසරික අර්බුද නිර්මාණය වී ඇති බවටයි පරිසරවේදීන් චෝදනා කරන්නේ.