පුද්ගලික ආරවුලක් මරණයකින් කෙළවර වෙයි: මෙලෙස මියගොස් ඇත්තේ 69 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

MonaraMonara

ඡායාරූපය - journalism.co.za

Colombo (Monara) June 11 - තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇත්තේ, දෙහිවල - ඕබන් ප්‍රදේශයේදීයි.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙක්.

ඝාතකයා මේ වනවිට පලා ගොස් ඇති අතර ඔහුව අත් අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.