සබරගමුවට අලුත් උපකුලපතිවරයෙක්: පත්වීම වසර තුනයි

MonaraMonara

සබරගමුව විශ්විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස එම විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතා පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

2023 නොවැම්බර් මස 02 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වසර තුනක කාලසීමාවක් සඳහා අදාළ පත් කිරීම සිදුකර තිබෙනවා.