නව වැඩ බලන අමාත්‍යවරයෙක්: ජනාධිපතිවරයාගෙන් පත් කිරීමක්
වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබෙනවා.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.
විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශ ගත වීම හේතුවෙන් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඔහු යළි දිවයිනට පැමිණෙන තෙක් ශාන්ත බණ්ඩාර මහතා එම ධුරයේ වැඩ බලනු ඇති.