මවකට සහ පුතෙකුට දිවි අහිමි කළ: අවාසනාවන්ත ගමන
මිනුවන්ගොඩ - ජාඇල මාර්ගයේ අඹගහවත්ත ප්රදේශයේදී යතුරුපැදියක් කන්ටේනර් රථයක ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මිණුවන්ගොඩ, මැඩෑමුල්ල ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි මවක් සහ ඇගේ 15 හැවිරිදි පුත්රයායි.
යතුරුපැදිය කන්ටේනර් රථයකට ඉස්සර කිරීමට යෑමේදී ඉදිරියෙන් පැමිණි වෑන් රථයක් හේතුවෙන් වේගය පාලනය කරගැනීමට නොහැකිව කන්ටේනර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ මව සහ පුත්රයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යැවුණා.
එහිදී ප්රතිකාර ලබමින් සිටියදීයි ඔවුන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.