පෙම් පළහිලව්වක් නිසා හිමි නමක් කොස්තාපල්වරයෙකුගේ බෙල්ල කපයි: කොස්තාපල්වරයාට අසාධ්‍යයි

MonaraMonara

දෙනියාය පල්ලේගම ප්‍රදේශයේ විහාරයක වැඩ වාසය කරනු ලබන හිමි නමක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, තියුණු ආයුධයකින් පොලිස් කොස්තාපල්වරයකුගේ ගෙල ප්‍රදේශයට පහර එල්ල කිරීමේ සිද්ධියකට අදාළවයි.

තුවාල ලැබූ කොස්තාපල්වරයා දෙනියාය රෝහලට ඇතුළත් කළ අතර අනතුරුව ඔහුගේ තත්ත්වය බරපතල වීම හේතුවෙන් කරාපිටිය රොහලට මරුකර යවා ඇති බව සඳහන්.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ, දෙනියාය පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි (37) හැවිරිදි විවාහක කොස්තාපල්වරයක්.

ඔහු අදාළ හිමි නමගේ 20 හැවිරිදි වැඩිමහල් සොහොයුරිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

ඊයේ (16) දිවා සංචාරයේ යෙදී සිටින අතරතුර කොස්තාපල්වරයා මෙම තරුණියගේ නිවසට ගොස් තිබෙනවා.

එහි දී හිමිනම ඇමැතුමක් ලබා දෙමින් සුක්ෂම ලෙස පොලිස් කොස්තාපල්වරයා පල්ලේගම ගංගොඩඩපාරේ වැඩිහිටි නිවාසය ආසන්නයට ගෙන්වාගෙන ඇති බව සඳහන්.

එම ස්ථානයේ දී දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව ඇති බවත් බහිස්බස්වීම අතරතුර හිමිනම ඔහුගේ මල්ලේ සඟවාගෙන සිටි පිහියෙන් කොස්තාපල්වරයාගේ ගෙල ප්‍රදේශයට පිහිපහර එල්ල කර ඇති බවයි පොලිසියේ ප්‍රකාශයෙකු වැඩිදුරටත් කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.