ජනපති සහ රතු කුරුස නායකයන් අතර හමුවක්: ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ හා ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සමිති සම්මේලනයේ (IFRC) නායකයන් අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා.
Colombo (Monara) June 07 – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ හා ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සමිති සම්මේලනයේ (IFRC) නායකයන් අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා.
ඊයේ සහ අද කොළඹ දී පැවැත්වුණු දකුණු ආසියාවේ රතු කුරුස සහ රතු අඩ සඳ සමාජවල නායකයන්ගෙන් සමුළුව පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීම මෙම හමුවෙහි මූලික අරමුණ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මෙම සමුළුවේදී ලෝක ආපදා වාර්තාව 2022 ප්‍රකාශයට පත් කිරීමද සිදු කෙරුණු අතර, එහි පිටපතක් සහ ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩ සඳ සමිති සම්මේලනයේ ජාත්‍යන්තර ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා.
ශ්‍රී ලංකා රතු කුරුස පනත බලාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී නියෝජිත පිරිස විසින් ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
පනත බලාත්මක කිරීම ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ මෙහෙයුම් ධාරිතාව ශක්තිමත් කිරීමට සහ රට පුරා සිටින අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට කාර්යක්ෂම සේවා සැපයීමට ඉවහල් වන බව ඔවුන් පෙන්වා දුන්නා.
ඒ කෙරහි අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමටත්, එමගින් ශ්‍රී ලාංකීය ජනතාවගේ සුබසාධනය තහවුරු කිරීමටත් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ නියෝජිතයන් සමග සාකච්ඡා කළා.
මානුෂීය ගැටලු විසඳීමේ දී සහ ආපදාවන්ට මුහුණදීමේ දී ජාත්‍යන්තර මානුෂීය සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීමද ජනාධිපතිවරයා මෙහිදී සහතික කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.