ජනපති සහ නිමල් ලංසා අතර හමුවක්: ජනාධිපතිවරණයට උපාය මාර්ගික සැලසුමක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා අතර හමුවක් පවත්වා තිබෙනවා.
එහි දී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
නිමල් ලංසා මහතා ඇතුළු කණ්ඩායමක් මේ වනවිට පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරනු ලබනවා.
ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේ දී මැතිවරණය සඳහා උපාය මාර්ගික සැලසුමක් සකස් කිරීමට තීන්දු කර කර ඇති බව සඳහන්.
නිමල් ලංසා මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් ඇති මන්ත්‍රී කණ්ඩායම සිය දේශපාලන කටයුතු සඳහා දැනටමත් ලිබරල් පක්ෂය අත්පත් කරගෙන තිබීමත් විශේෂත්වයක්.
ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවද ප්‍රකාශ කර තිබෙනවා.