සිංගප්පූරු අගමැතිගෙන් ජනපති රනිල්ට ලිපියක්: ද්විපාර්ශවික සබදතා ශක්තිමත් වන ලකුණු

MonaraMonara

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දේශපාලන, ආර්ථික සහ සමාජීය සබඳතා ශක්තිමත් කර ගැනීමට තමා කැපවී සිටින බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග් පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පසුගිය අගෝස්තු මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සිදු කළ නිල සංචාරය අතරතුර පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡා අගය කරමින් එම ලිපිය යොමුකර ඇති බව සදහන්.

දෙරට අතර පැවති ඵලදායී සාකච්ඡාවල සාධනීය ප්‍රතිඵල පිළිබඳ ඔහු එමගින් සිය අවංක කෘතඥතාව පළ කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇති කැපවීම තවදුරටත් සහතික කරමින් නුදුරේදීම ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බවයි සිය ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන් සහ ශ්‍රී ලංකාව ප්‍රගතියේ මාවතට යොමු කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් ද පිරිනමා තිබෙනවා.