අපිරිසිදුකම නිසා වැසුණු හෝටලයකට යළිත් වැඩ වරදී: අධිකරණය මගින් දෙවරක්ම ලබාදුන් නියෝගයක් කඩ කිරීම හේතුවෙන් ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට පවත්වාගෙන ගිය හෝටලයකට මුද්‍රා තැබීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

MonaraMonara

අධිකරණය මගින් දෙවරක්ම ලබාදුන් නියෝගයක් කඩ කිරීම හේතුවෙන් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට පවත්වාගෙන ගිය හෝටලයකට මුද්‍රා තැබීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකළ පරීක්ෂාවකදී හෝටලයේ පැවති අපිරිසිදු තත්ත්වය හේතුවෙන් චෝදනා 08 ක් යටතේ අදාළ ආපන ශාලාවට එරෙහිව නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ආපන ශාලාව පිරිසිදු කිරීමට යම් කාලයක් ලබාදී තිබූ නමුත් එහි හිමිකරු විසින් අදාළ නියෝගය පැහැර හැර ඇති බවයි සඳහන්.