කෑමක් අවුල් වී බණ්ඩාරවෙල දරුවන් පිරිසක් රෝහලේ: දරුවන්ට බරපතල නැහැ
බණ්ඩාරවෙල - දූල්ගොල්ල අශෝක විද්‍යාලයේ සිසුන් පිරිසක් ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.
ඒ අනුව පාසැල් සිසුන් 30 කට වැඩි සංඛ්‍යාවක් මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
අද පෙරවරුවේ පාසල ආරම්භ වීමෙන් අනතුරුව එම සිසු දරුවන් තුළින් විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා.
ඔවුන් අනතුරුව රෝහල් ගතකර ඇති අතර, බණ්ඩාරවෙල දිසා රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ආහාර විෂවීමක් හේතුවෙන් දරුවන් මෙලෙස රෝගී වන්නට ඇති බවට සැක කරන බවයි.
රෝහලට ඇතුළත් කළ කිසිදු දරුවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්.