ඉදිරියේදී ආහාර හිඟයක්...?: සත්ත්ව ආහාර සහ බියර් නිෂ්පාදනයට සහල් තහනම්
සත්ත්ව ආහාර සහ බියර් නිෂ්පාදනය කිරීම සඳහා සහල් යොදා ගැනීම වහා අත්හිටුවීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්ට උපදෙස් දී තිබෙනවා.
පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි ආහාර හිඟයට මුහුණ දීමට සහල් තොග ආරක්ෂා කරගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ආහාර සුරක්ෂතිතාව සඳහාවන ජනාධිපති කමිටුවටද දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍ය ලේකම්ට උපදෙස් ලබාදී තිබෙනවා