මාස දෙකකට පසු යුධ හමුදාවට මාණ්ඩලික ප්‍රධානියෙක්: නව මාණ්ඩලික ප්‍රධානියා මේජර් ජෙනරල් හරේන්ද්‍ර පීරිස්

MonaraMonara

මාස දෙකකට පුරප්පාඩු කාලයකින් පසු ශ්‍රී ලංකා යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙකු පත් කර තිබෙනවා.

ඒ අනුව අද (16) දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරය සඳහා පත් කර ඇත්තේ, ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කරන මේජර් ජෙනරල් ඩබ්.එච්.කේ.එස් පීරිස් මහතාවයි.

ඉකුත් ඔක්තෝබර් 13 වැනි දා එම ධුරයේ කටයුතු කළ මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා සිය සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විශ්‍රාම ගිය අතර එතැන් පටන් මේ දක්වා මාස දෙකකට වැඩි කාළයක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ දෙවැනි ඉහළ ම ධුරය වූ මාණ්ඩලික ප්‍රධානි ධුරය පුරප්පාඩුව තිබුණා.

අද යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් මේජර් ජෙනරල් පීරිස් මහතා මෙම ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වශයෙන් රාජකාරි සිදු කර මින් සිටියා.