ප්‍රතිපත්ති පොලී අනුපාතවල වෙනසක්: මුදල් මණ්ඩලයේ තීරණය හෙට

MonaraMonara

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (23) දින රැස්වීමට නියමිත බව වාර්තාවනවා.

හෙට (24) උදෑසන එම තීරණය නිවේදනය කරනු ලබන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මෙය 2023 වසරේ අංක 06 දරන මුදල් ප්‍රතිපත්ති විවරණයයි.

2023 ජූලි 05 වැනි දින මුදල් මණ්ඩලය රැස් වූ අවස්ථාවේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික වාර්තාගත ලෙස පහත දැමීමට තීරණය කෙරුණා. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) – 11%සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) – 12%, දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමටයි තීරණය කෙරුණේ.