මැද්දවත්තේ පාසලකින් පුපුරණ ද්‍රව්‍ය සහ උණ්ඩ තොගයක්: සිද්ධිය ගැන පොලිසියෙන් වැඩිදුර විමර්ශනයක්

MonaraMonara

මාතර - මැද්දවත්ත ප්‍රදේශයේ පිහිටි පාසලක තිබී පුපුරණ ද්‍රව්‍ය සහ උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.

පාසලේ ඉදිකර තිබූ කාමරයක සිවිලිමේ සඟවා තිබී ගිනි අවියක්, උණ්ඩ තොගයක් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයකුයි මෙලෙස පොලීසිය සොයාගෙන ඇත්තේ.

පාසල තුළ ඉදිකර තිබූ එම කාමරය භාවිතයට නොගන්නා එකක් බවට වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එහිදී සිවිලිමේ තිබී ටී-56 උණ්ඩ 20 ක්, මි.මී.3.2 උණ්ඩ 24 ක්, මි.මී. 9 උණ්ඩ 107 ක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සොයාගැනීමට සමත්ව ඇති බව සඳහන්.

එසේම වැඩිදුර සෝදිසි කිරීමේදී එහි තිබී TNT බවට සැකකෙරෙන පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 194 ක් සමග සේවා නූල් කිහිපයක්ද සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.