තේ පොහොර මිටිය 8,500ට දෙන්න යයි: මහින්ද අමරවීර

MonaraMonara

තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මිටියක මිල රුපියල් 8500 දක්වා අඩු මිලකට ලබාදීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් පිරිසක් සමග ඊයේ දින (12) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

දැනට තේ සඳහා භාවිතා කරන පොහොර මිටියක මිල රුපියල් 12000 සිට රුපියල් 14000 දක්වා වන නිසා වගාකරුවන් තේ වගාවට පොහොර නොයෙදීමේ ප්‍රවණතාවක් පවතින බවත් මේ නිසා තේ අක්කරයකින් වරකට නෙලා ගන්නා දළු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 216 දකවා අඩු වී ඇති බවත් හෙතෙම එහිදී පෙන්වා දුන්නා.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා තේ සඳහා යොදන පොහොර මිටියක මිල රුපියල් 8500 දක්වා අඩු මිලට ලබා දීමට රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම මගින් කටයුතු යොදා ඇති බවයි සඳහන් කළේ.