භාණ්ඩ 66ක් වැට් බද්දෙන් නිදහස්: තොරතුරු මෙන්න

MonaraMonara

භාණ්ඩ 66ක් වැට් බද්දෙන් නිදහස් Photo - Google

භාණ්ඩ 66ක් වැට් බද්දෙන් නිදහස් කර ඇති බව වාර්තා වනවා.

ඒ් අනුව තිරිඟු, තිරිඟු පිටි, ළදරු කිරි පිටි, ඖෂධ නිෂ්පාදන, ඖෂධ වර්ග, පිරිපහදු නොකරන ලද ඛනිජ තෙල්, ගුවන් යානා ඉන්ධන, නැව් සඳහා භාවිත කරන තෙල්, කෘත්‍රිම අත්පා, කිහිලිකරු, රෝදපුටු, ජෛව පොහොර, කෘෂිකාර්මික බීජ, ඉස්සන් සහ කූනිස්සන් සඳහා යොදන ආහාර, රෙදි පිළි කර්මාන්තයට භාවිත කරන නූල් යනාදිය මෙලෙස වැට් බද්දෙන් නිදහස් කර ඇති බව සඳහන්.

අධ්‍යාපන සහ පොදු මගී ප්‍රවාහන සේවා, විදුලි බලය, භූමදානය හා ආදාහනයට සම්බන්ධ සේවා, ව්‍යහාර මුදල් හුවමාරුව, කල් බදු පහසුකම්, දේශීය වශයෙන් නිෂ්පාදිත සහල්, සහල් පිටි සහ පාන් ආදියද ඒ් අතර වනවා.

අර්තාපල්, රට ලූනු, රතු ලූනු, සුදු ලූනු, සහල්, සීනි, මිරිස්, හාල් මැස්සන්, උම්බලකඩ, කරවල, කුරක්කන්, උළුහාල්, උඳු, පරිප්පු, කව්පි, මෙනේරි, කොත්තමල්ලි, රට ඉඳි, මෑකරල්, මුං ඇට, බඩ ඉරිඟු, ඉදල් ඉරිඟු, ඇපල්, දොඩම් මිදි ඇතුළු පලතුරු, පොල් තෙල්, ෆාම් ඔයිල්, බටර් සහ යෝගට් ආනයනයේදී වැට් බදු අය නොකෙරෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මීට පෙර වැට් බද්දෙන් නිදහස් කරන ලද භාණ්ඩ අයිතම 100කට ආසන්න ප්‍රමාණයකට ලබන වසරේ (2024) ජනවාරි මස පළමුවැනිදා සිට වැට් බදු අය කෙරෙනු ඇති.

ඒ අනුව, ලොරි, ට්‍රක්, බස් රථ ඇතුළු සියලු වාහන, සූර්ය කෝෂ, විදුලි උපකරණ, පෙට්‍රල්, ඩීසල්, ගෑස්, රසායනික පොහොර, පොල් තෙල්, පොල් කිරි, ෆාම් ඔයිල්, ජංගම දුරකථන, ටයි පටි සහ බෝ, කුකුළු මස්, දියර කිරි, කිරි නිෂ්පාදන, බිත්තර, පෝෂ වර්ග , ඉස්සන්, පරිගණක සහ උපාංග, පොත්, සඟරා සහ ක්‍රීඩා උපකරණ යනාදියට සහ භූමදානය සහ ආදාහනයට සම්බන්ධ සේවාවලට පැවැති බදු සහනය ඉවත් කර තිබෙනවා.