මිලියන 42 ක හශීෂ් රේගු භාරයට: කිලෝ 35 ක්ම කූරියර් මගින් දිවයිනට එවලා

MonaraMonara

කටුනායක ගුවන් බඩු අංගනයෙන් දිවයිනට රැගෙන ඒමට තැත් කළ භාණ්ඩ තොගයක තිබී හෂිශ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35 ක් සොයාගෙන තිබෙනවා.

රේගු ආදායම් අධීක්ෂණ අංශය විසින් මෙම සොයා ගැනීම සිදුකර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා කියා සිටියේ.

දිවයිනට යොමු කරන ලද භාණ්ඩ අතර තිබූ පරීක්ශා කරන ලද පැකේජ් 05 ක හෂිශ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35 ක් සොයාගන්නා ලද අතර එහි වටිනාකම රුපියල් මිලියන 42 ක් බවට ගණන් බලා තිබෙනවා.

ඉතාලියේ සිට එවා ඇති මෙම පාර්සල් නිවෙසටම බෙදාහරින ආයතනයකට එවා ඇති අතර, ශ්‍රී ලංකාවේ අයිතිකරු මෙතෙක් හඳුනාගෙන නැහැ.

වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් ක්‍රියාත්මකයි.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එහිදී රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

MonaraMonara

MonaraMonara

MonaraMonara

MonaraMonara

MonaraMonara

MonaraMonara

MonaraMonara

MonaraMonara