මිහින්තලේ පොසොන් උළෙලට අමාත්‍යාංශයෙන් ලක්ෂ 31 ක්: අනුරාධපුරය - මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවයේ මූලික කටයුතු සඳහා රුපියල් තිස් එක් ලක්ෂයක මුදලක් ලබාදුන් බව බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසනවා.
අනුරාධපුරය - මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවයේ මූලික කටයුතු සඳහා රුපියල් තිස් එක් ලක්ෂයක මුදලක් එම විහාරස්ථානය වෙත ලබාදුන් බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසනවා.
මීට අමතරව පොසොන් උත්සවයේ අනෙකුත්ත කටයුතු සඳහා තවත් මූල්‍යමය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.
මිහින්තලා රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන උත්සව කටයුතු සඳහා පමණක් මෙම මුදල ලබාදී ඇති අතර, ඊට අමතරව අටමස්ථානය සහ පොසොන් කලාප වෙනුවෙන්ද මුදල් ලබාදීමට පියවර ගන්නා බවයි ලේකම්වරයා සඳහන් කළේ.
පොසොන් උත්සවයේ කටයුතු සඳහා රජය මඟින් මුදල් ප්‍රතිපාදන ලබා නොදෙන්නේ නම් පිණ්ඩපාත චාරිකාවක නිරතව හෝ එම මුදල් සොයා ගැනීමට කටයුතු කරන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ඊයේ දිනයේදී කියා සිටියා