දින 171කට මනුෂ්‍ය ඝාතන 255 ක්: වසරේ මේ දක්වා කාලය තුළ මනුෂ්‍ය ඝාතන 255 ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා.

MonaraMonara

Colombo (Monara) June 20 | වසරේ මේ දක්වා කාලය තුළ මනුෂ්‍ය ඝාතන 255 ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, පසුගිය වර්ෂයේ දී මනුෂ්‍ය ඝාතන 559 ක් වාර්තා වී ඇති බවයි.

මෙම වසරේ දී මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති වෙඩි තැබීම් සංඛ්‍යාව 34 ක්. 2022 වසරේ දී වෙඩි තැබීම් 60කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සඳහන්.

මේ අතර මෙරට තුළ සිදු වන වෙඩි තැබීම් සහ අපරාධ අවම කිරීම සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.