Shell ඉන්ධන පිරවුම්හල් 200 ක් ශ්රී ලංකාවට: අමෙරිකානු ඩොලර් මිලියන 110ක ගිවිසුමකුත් අත්සන් තබයි
එක්සත් ජනපදයේ පෙට්රෝලියම් නිෂ්පාදන බෙදාහරින්නෙකු වන RM Parks Inc. සමාගම Shell නිෂ්පාදන ශ්රී ලංකාවට ගෙන ඒම සඳහා ශ්රී ලංකා ආයෝජන මණ්ඩයල සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 110ක ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
RM Parks Inc. සහ Shell සහයෝගීතාවය ඉන්ධන පිරවුම්හල් 200 ක් ක්රියාත්මක කරන අතර, EV ආරෝපණ පහසුකම් සහිත කුඩා සුපිරි වෙළඳසැල් වල සේවාවන් සැපයීමටද ගිවිසුම් ගත වූ බව ආයෝජන මණ්ඩයල නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.