කොත්තුවක් 20 කින්, රයිස් 50 කින්, ප්ලේන්ටිය 10 කින් ඉහළට: ගෑස් මිල වැඩි වීමේ ප්‍රතිඵලයක්

MonaraMonara

ගෑස් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් කටයුතු කිරීමත් සමඟ කොත්තු, රයිස් සහ ප්ලේන්ටි මිල ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ප්ලේන්ටියක මිල රුපියල් 10 කින්, කොත්තුවක මිල රුපියල් 20 කින් සහ රයිස් එකක මිල රුපියල් 50 කින් ඉහළ දැමූ බවයි ඔවුන් ප්‍රකාශ කළේ.