පොලිස් භාරයේ සිටි 15 ක් මරා දාලා: දකුණේ පොලිස් නිලධාරීන් ස්ථාන මාරු ඉල්ලයි

MonaraMonara

ඡායාරූපය - Getty Images

ගෙවුණු වසර කිහිපයක කාලය ඇතුළත පොලිස් භාරයේ සිටි පුද්ගලයින් 15 දෙනෙකු මරා දමා ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම යුරෝපා මානව හිමිකම් කවුන්සිලයේ දීර්ඝව අදහස් හුවමාරු වී ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

එබැවින් ශ්‍රී ලංකාවේ පොලීසිය පිළිබඳ මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේත් විශාල කලකිරීමක් තිබෙන බව සඳහන් කළා.

එහිදී ඊට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් මහතා කියා සිටියේ, මේ වනවිට දකුණු පළාතේ පොලීසියට විමර්ශන කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.

දකුණු පළාතේ පොලිස් නිලධාරීන් රැසක් ස්ථාන මාරු ඉල්ලා ඇතැයිද, ඩුබායි රාජ්‍යයේ සිට මරණ තර්ජන එල්ල කරමින් ඔවුන්ට දුරකතන ඇමතුම් ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

පිලිපීනයේ හිටපු ජනපති පාතාලය මර්දනය කළ ආකාරය නිසා, අද පිලිපීනය හැදී ඇති බවත් පැවසූ චාමර සම්පත් මහතා දකුණේ සිතාගත නොහැකි අයුරින් භීෂණයක් පවතින බවත්, ඒ වෙනුවෙන් කතා නොකරන ලෙසත් කියා සිටියා.