පිරවුම්හල් 121ක් ඉන්ධන ඇණුවුම් කර නැහැ: ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා.
Colombo (Monara) June 03 – මැයි මස 27 සිට 31 දක්වා කාලය තුළ ඉන්ධන පිරවුම්හල් 121ක් කිසිදු ඇණවුමක් සිදුකර නොමැති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන 50%ක අවම තොග පවත්වා ගැනීම සඳහා පිරවුම්හල් හිමියන් ගිවිසුම්ගත වී තිබෙනවා.
එහෙත් බොහෝ ඉන්ධන පිරවුම්හල් අවම තොග පවත්වා ගැනීමට තරම් ප්‍රමාණවත් ඇණවුම් ලබාදී නොමැති බව දත්ත සමාලෝචනයේ දී පෙනී යන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
කෙසේ වෙතත් ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා.
හෙටවන විට සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබෙනු ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාවට සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් බවුසර් මගින් ඉන්ධන බෙදාහැරීම මේ වනවිට අඛණ්ඩව සිදුකරන බවත් බලශක්ති අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙනවා.