හමුදා ලොක්කන්ගේ දින පහක කෑමට ලක්ෂ 11ක්: මහ භාණ්ඩාගාරය නිකුත් කළ චක්‍රලේඛවලට පටහැනියි

MonaraMonara

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයට පැමිණි හමුදා ප්‍රධානීන් පිරිසකට සංග්‍රහ කිරීම සඳහා රුපියල් එකොළොස් ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් වැය කර තිබෙනවා.

දින පහක් සඳහා අදාළ මුදල වැය කර ඇති බවයි, ජාතික විගණන කාර්යාලය සඳහන් කළේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් වියදම් සීමා කරන ලෙස මහ භාණ්ඩාගාරය නිකුත් කර ඇති චක්‍රලේඛවලට පටහැනිව මෙම මුදල ගෙවා ඇති බව සඳහන්.

මෙම සංග්‍රහ වියදම් දරා ඇත්තේ එම මාණ්ඩලික විද්‍යාලයේ කටයුතු පරික්ෂා කිරීම සඳහා පැමිණි ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික නිලධාරී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙනුවෙන බව ද එම කාර්යාලය සඳහන් කළා.

මේ අතර එම විද්‍යාලය සඳහා රුපියල් කෝටි 13 ක ට වැඩි මුදලක් වැය කර ඉදි කරන ලද සිව් මහල් පුස්තකාල සහ විභාග ශාලා ගොඩනැගිල්ලේ ජල කාන්දු ගැටලුව නිවැරදි කිරීම සඳහා 2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වාම නොහැකිව තිබූ බවයි වාර්තා වන්නේ.